Home » ශ්‍රී ලංකා නවසීලන්ත පළමු T 20 තරගය අදයි – ටිකට් සියල්ල අවසන්

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු T 20 තරගය අදයි – ටිකට් සියල්ල අවසන්

by chanaka
December 28, 2024 9:57 am 0 comment

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (28) Mount Maunganui හිදී පැවැත්වෙන පළමු තරගයේ ප්‍රවේශපත් සියල්ල අවසන්ව ඇතැයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

මේ හේතුවෙන් අමතර ප්‍රවේශපත්‍ර 500ක් නිකුත්කර ඇති අතර, එයද මේ වනවිට අලෙවි වී අවසන් බව පැවසේ.

ක්‍රීඩාලෝලීන් 10,000කට අධික සංඛ්‍යාවකට එකවර නැරඹිය හැකි මෙම ක්‍රීඩාංගණයේ අති බහුතර ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ බිම වාඩිවී තරග නැරඹීම සඳහාය.

රාත්‍රී තරගයක් ලෙසින් මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.45ට ආරම්භවීමට නියමිතව ඇත.

2006 වසරේදී දෙරට අතර විස්සයි20 තරග ආරම්භ වූ අතර, ඉන් අද පැවැත්වෙන්නේ 26වන තරගයයි.

මේ දක්වා පැවති තරග අතරින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 8ක් පමණක් වන අතර, තරග 14ක්ම ඔවුන් නවසීලන්තය හමුවේ පරාජය වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව නවසීලන්තයේදී විස්සයි20 තරග 8ක් ක්‍රීඩාකර ඇති අතර, ඉන් මේ දක්වා ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.

තරග 6ක් ඔවුන් පරාජය වී ඇත.

මේ අතර, නවසීලන්ත ක්‍රිකට් වැඩිදුරටත් දන්වා සිටියේ දෙරට අතර ජනවාරි 2වනදා නෙල්සන්හිදී පැවැත්වෙන තරග සියලු ප්‍රවේශපත්ද මේ වනවිට අලෙවි අවසන් බවයි.

කෙසේ නමුත් Mount Maunganuiම දෙරට අතර දෙසැම්බර් 30වනදා පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත් කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන බව නවසීලන්ත ක්‍රිකට් පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT