Home » දකුණු කොරියාවේ බිහිසු​ණු ගුවන් අනතුරක් – 62කට දිවි අහිමි වෙයි

දකුණු කොරියාවේ බිහිසු​ණු ගුවන් අනතුරක් – 62කට දිවි අහිමි වෙයි

by chanaka
December 29, 2024 8:59 am 0 comment

දකුණු කොරියානු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මගීන් 62දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බැංකොක් සිට පැමිණි දකුණු කොරියානු ගුවන් යානයක් මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සමඟ දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මෙලෙ​ස අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන, වැටක ගැටී, ගොඩබෑමේදී ගින්නක් ඇතිව තිබෙන බව සදහන් වේ.

අවම වශයෙන් පුද්ගල මරණ 28ක් දැනට තහවුරු වී ඇති බව කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT