Home » පෙරහරක අලි කුලප්පුවක් – ඇත්ගොව්වාට බරපතළයි

පෙරහරක අලි කුලප්පුවක් – ඇත්ගොව්වාට බරපතළයි

by chanaka
December 29, 2024 9:55 am 0 comment

අලි කුලප්පුවක් හේතුවෙන් ඇත්ගොව්වකු බරපතල තුවාල ලැබීමේ පුවතක් දොඩන්දූව මොරකොළ විහාරස්ථානයේ පෙරහරකින් වාර්තා වේ.

එම විහාරස්ථානයේ සංඝමිත්තා පෙරහැරට රැගෙන විත් තිබූ අලියකු පෙරහැර අතරතුර මෙලෙස කුලප්පු වී ඇත්ගොව්වාට පහරදී ඇතැයි සදහන් වේ.

මෙම පහරදීම පෙරහැර නරඹමින් සිටි අයකු ජංගම දුරකතනයකින් පටිගත කර ඇති අතර එය සමාජ මාධ්‍ය තුළ දැක ගත හැකිය.

එම දර්ශනවලට අනුව ඇත්ගොව්වාට හදිසියේ පහරදෙන අලියා මාර්ගය දිගේ දිවයනු දැකගත හැකිය.

පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ ඇත්ගොව්වා මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT