Home » අවසන් දිනය පෙබරවාරි 15වැනිදා – සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි

අවසන් දිනය පෙබරවාරි 15වැනිදා – සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි

by chanaka
December 29, 2024 8:56 am 0 comment

2025 වසරේ පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී ඇත.

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දූෂණ ‌විරෝධී නව පනතේ 82(අ) වගන්තිය ප්‍රකාරව මන්ත්‍රී ධූරවලට පත් වී මාස තුනක් ඇතුළත සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ බාරදෙමින් සිටින බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT