Home » කෝටියක දුම්වැටි හා විස්කි කටුනායකින් හමුවෙයි

කෝටියක දුම්වැටි හා විස්කි කටුනායකින් හමුවෙයි

by yasara
December 31, 2024 10:03 am 0 comment

රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ විස්කි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද (31) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු කොළඹ – 14 , වේල්ස් කුමාර වීදියේ පදිංචි 45 හැවිරිදි , නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙකි .

මෙම පුද්ගලයා අලුයම 03.50 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට  , ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1164 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 05 ක් තුළ විදේශීය නිෂ්පාදිත  “මැන්චෙස්ටර් ” සහ ” බෙන්සන් ඇන්ඩ් හෙජස් ” වර්ගයේ දුම්වැටි තොගයක් සහ බැලන්ටයින් , ලේබල් – 05 , බ්ලැක් ලේබල් සහ සිම්රොන් වොඩ්කා බෝතල් 125 ක් සගවා ගෙන සිටිය දී ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම දුම්වැටි සහ මත්පැන් , එළඹෙන උත්සව සමයේ ,  ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල මත්පැන් අලෙවි සැල් සහ රෙස්ටුරන්ට් වෙත අලෙවි කිරීම සදහා ‍රැගෙන විත් තිබුණි .

මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ මත්පැන් බෝතල් තොගය සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT