Home » පිහි පහරින් සිව්දරු පියා මරුට

පිහි පහරින් සිව්දරු පියා මරුට

by chanaka
December 31, 2024 10:17 am 0 comment

crime news Srilanka

මදුරන්කුලිය – කඩයමොට්ට ප්‍රදේශයෙ ඇතිවු ගැටුමකදී සිව් දරු පියකු පිහි ප්‍රහාරයට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (30) මියගොස් ඇතැයි මදුරන්කුලිය පොලිසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ, මදුරන්කුලිය – කඩයමොට්ට ඩි.පී.ටයිටස් රොහාන් නැමති දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි.

සිය වැඩිමහල් සොහොයුරීයගේ පුත්‍රයා විසින් එල්ල කළ පිහි පහරකින් ඔහු බරපතල ලෙස තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

සැකකරු මරණයට පත් අයගේ පුතාගේ නිවස ඉදිරිපිටට පැමිණ එම නිවැසියන්ට හිරිහැර වන ලෙස අශෝභන ලෙස බැන වදිමින් සිට ඇති බවත්, ඒ පිළිබදව විමසිමට ගිය අවස්ථාවේ සැකකරු හා ඔහුගේ මාමා අතර ගැටුමක් ඇතිව ඇති බවත්, එහිදි සැකකරු එල්ල කල පිහි පහරකින් බරපතල තුවාල ලැබු ඔහු ඥාතින් විසින් කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව සදහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT