මෝටර් රථයක් – යතුරුපැදියක් මුදලින් 21,000ක් පොලිස් භාරයට
නව පාසල් වාරයේ දී පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් අලෙවිකිරීම සඳහා ගෙනාබව පැවසෙන නීතිවිරෝධි මත් පෙති 12,300ක් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක්, එෆ්. ඉසෙඩ් වර්ගයේ යතුරුපැදියක්, මුදලින් රුපියල් විසිඑක්දහසක් සහ සැකකරුවන් තිදෙනෙකු පෙරේදා (29) රාත්රී 7.50ට පමණ මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කලුආරච්චි මහතාට ලද තොරතුරක් මත දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22, 24 හා 25 යන වයස් ඛාණ්ඩවල පසුවන අවිවාහක තරුණයන් වන මාවනැල්ල සියඹලාපිටිය, ඉලුක්ගොඩ, වලපෝරුව යන ප්රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය පැවැසීය.
වැගන් ආර් වර්ගයේ මෝටර් රථය පැද වූ සියඹලාපිටිය ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරු සන්තකයේ තබාගෙන සිටියදී මත්පෙති 50ක් හමුවී ඇති අතර වැඩිදුර සෝදිසි කිරීමේදී තවත් මත්පෙති, 4950ක්, මුදලින් රුපියල් දෙදහස් අටසිය හතළිහක්, එෆ්, ඉසෙඩ් වර්ගයේ යතුරුපැදියේ සිටි ඉලුක්ගොඩ ප්රදේශයේ පදිංචි 22 හැවිරිදි සැක කරු සන්තකයේ තිබී මත්පෙති 1500ක් මුදලින් රුපියල් 18500ක්, වලපෝරුව ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී මත්පෙති 1600ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.
නීතිවිරෝධි මත් පෙති සන්තකයේ තබාගැනීම, නීතිවිරෝධි මත් පෙති ප්රවාහනය, නීතිවිරෝධි මත්පෙති අලෙවිය යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් හා නඩු භාණ්ඩ, අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලීසිය පැවසීය.
අරණායක සමූහ රෝහණ ජයරත්න