Wednesday, May 7, 2025
Home » බලපත්‍ර උල්ලංඝනය කරමින් ගොඩවැලි ප්‍රවාහනය කළ ටිපර් රථ හයක් කොටු

බලපත්‍ර උල්ලංඝනය කරමින් ගොඩවැලි ප්‍රවාහනය කළ ටිපර් රථ හයක් කොටු

by sachintha
December 31, 2024 1:44 am 0 comment

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් ගොඩවැලි ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථ හයක් අම්බලන්තොට, මාමඩල, ජංසගම ප්‍රදේශයේ දි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාමඩල, ජංසගම ගොඩවැලි කපන ස්ථානයේ සිට වැලි ගබඩාව දක්වා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් ටිපර් රථ හය මාමඩල, වලවවත්ත ප්‍රධාන මාර්ගයේ ධාවනය කරවමින් තිබියදි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ටිපර් රථ හය සමඟ අත්අඩංගුවට පත් වූ රියැදුරන් හයදෙනාද අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

අම්බලන්තොට පොලිස් බලප්‍රදේශයේ සිදුකරන නීති විරෝධි වැලි කැපීම් හා ප්‍රවාහනය කිරීම් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉකුත් දා පැවති හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී කමිටුවේ සභාපති නිහාල් ගලප්පත්ති මහතා විසින් පොලීසියට දැන්විය. එවන් පසුබිමක බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් ටිපර් රථවල අධිකලෙස වැලි පුරවා ප්‍රධාන මාර්ගයේ ධාවනය කරවීම සම්බන්ධයෙන් මෙම ටිපර් රථ හය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ලුණම සමූහ – සනත් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT