Home » සංවර්ධන වැඩවලදී කිසිවකුට කොමිස් ගහන්න බැහැ ඇමැති, ආචාර්ය චන්දන අබේරත්න

සංවර්ධන වැඩවලදී කිසිවකුට කොමිස් ගහන්න බැහැ ඇමැති, ආචාර්ය චන්දන අබේරත්න

by sachintha
December 31, 2024 1:50 am 0 comment

සංවර්ධන වැඩසටහන්වලදී ලැබෙන සියලු ප්‍රතිපාදනවලින් කිසිවකුටත් අතයට දීමනා නොදෙන ලෙසත්, යම් අයකු එසේ ඉල්ලා සිටියොත් තමන්ට දැනුම් දෙන ලෙසත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති, ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ආණමඩුව ප්‍රාදේශීය සභාවට අයත් මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

“පසුගිය කාලයේ යම් සංවර්ධන වැඩකට මුදල් ප්‍රතිපාදන ලැබුණ විට එයින් විශාල ප්‍රමාණයක් කොමිස් ලෙස දීමට සිදුව තිබූ බව අපි දන්නවා. එවිට සිදු වුණේ අදාළ සංවර්ධන කටයුත්තට ලැබුණ මුදල්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් මෙලෙස විවිධ පුද්ගලයන් අතර බෙදී යෑමයි. එහි භයානකම ප්‍රතිඵලය වුණේ අදාළ සංවර්ධන කටයුත්තට ලැබුණ මුදල් මෙලෙස දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින් සහ තවත් පිරිස් වෙත බෙදී යෑමෙන් අදාළ සංවර්ධන කටයුත්ත නිසි ප්‍රමිතියට ඉදි කරන්න හැකියාවක් නොමැතිවීමයි. මෙය බරපතළම කරුණක්. නමුන් පෙර සිදු වූ දේ දැන් නොවිය යුතුයි. ජාතික ජන බලවේගය රජය යටතේ සිදු වන කිසිදු සංවර්ධන කටයුත්තකදී අපේ කිසිවකුට හෝ වෙනත් කිසිවකුටවත් කිසිම ලෙසකින් අතයට සිදු වන ගෙවීම් සිදු නොවිය යුතු බව මම දැඩි ලෙස අවධාරණය කරනවා.”

මේ අවස්ථාවට ආණමඩුව ප්‍රාදේශීය සභාවේ ලේකම් සුජිත් ජයසුන්දර සහ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් අමිල රත්නායක මහත්වරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීහු එක්ව සිටියහ.

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT