Home » උපරතන පාරමිතා පදනමේ නව ජාත්‍යන්තර සම්බන්ධීකාරක ජීවිකා කටුමැටියාව

උපරතන පාරමිතා පදනමේ නව ජාත්‍යන්තර සම්බන්ධීකාරක ජීවිකා කටුමැටියාව

by sachintha
December 31, 2024 1:54 am 0 comment

මෙරට ලාභ නොලබන, ස්වේච්ඡා සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන උපරතන පාරමිතා පදනමේ ජාත්‍යන්තර සම්බන්ධීකාරකවරිය ලෙස එම පදනමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ජීවිකා කටුමැටියාව මහත්මිය පත්කර තිබේ.

උපරතන පාරමිතා පදනමේ සභාපති සහ අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ විසින් මේ පත්කිරීම පසුගියදා කුරුණෑගල පැවති උත්සවයකදී සිදු කරන ලදී.

ජීවිකා කටුමැටියාව මහත්මිය වාරිමාර්ග අමාත්‍යාංශයේ, හරිත දේශගුණික අරමුදල යටතේ ක්‍රියාත්මක දුම්බර හරිත සවිබලගැන්වීම හෙවත් නකල්ස් ව්‍යාපෘතියේ විධායක කළමනාකරණ නිලධාරි (මානව සම්පත්/ව්‍යාපෘති) ලෙස කටයුතු කරන අතර, ඇය කලක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ විධායක නිලධාරිනියක් හා ව්‍යාපෘති කළමනාකාරවරියක් ලෙස විදේශීය රටවල් සහ ඒවායින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන් සඳහා මෙරට විවිධ ප්‍රදේශවල සිය සේවාවන් ඉටුකර ඇත.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT