Home » ‘ක්ලීනින් ශ්‍රී ලංකා’ තුම්බෝවිල උතුර ඩෙංගු මර්දන වැඩසටහනෙන්….

‘ක්ලීනින් ශ්‍රී ලංකා’ තුම්බෝවිල උතුර ඩෙංගු මර්දන වැඩසටහනෙන්….

by sachintha
December 31, 2024 1:55 am 0 comment

‘ක්ලීනින් ශ්‍රී ලංකා’ වැඩසටහනට අනුව යමින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ කරදියාන ව්‍යාපෘතිය, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, කරදියාන ප්‍රදේශයේ ප්‍රාදේශීය නියෝජිතයන් සහ ඒ ආසන්න පළාත් පාලන ආයතන කිහිපයක සහභාගිත්වයෙන්, ගොඩිගමුව සෙන්ට්‍රනියන් සිංහ සමාජය එක්ව සංවිධානය කරන ඩෙංගු මර්දන වැඩසටහනක් කරදියාන පරිසර සංවේදී කලාපයට අයත් තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරි වසම ආවරණය වන පරිදි පසුගියදා පැවැත්විණි.

මීට සමගාමීව ප්‍රදේශයේ ජනතාව සඳහා පැළ බෙදා දීම, පැළ සිටුවීම, පන්සල සහ ආනන්ද සමරකෝන් විද්‍යාලය සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණි.

මේ අවස්ථාවට බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති චතුර රුවන් තරංග මහතා, අධ්‍යක්ෂවරයා ඇතුළු අධිකාරියේ සේවක මහත්ම මහත්මීහු ද, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT