Home » දුම්රිය දෙපාර්තමේන්තුවට වසර 160 සමරමින්…

දුම්රිය දෙපාර්තමේන්තුවට වසර 160 සමරමින්…

by sachintha
December 31, 2024 1:55 am 0 comment

දුම්රිය දෙපාර්තමේන්තුවට වසර 160ක් සපිරීම වෙනුවෙන් පසුගිය 27 සහ 28 දෙදින පුරා විශේෂ වැඩසටහන් රැසක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබීය.

නව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයේදී පසුගිය 27 පෙ.ව. 9.00ට පැවැති සමරු උත්සවයේදී දුම්රිය දෙපාර්තමේන්තුවට, එහි සේවකයන්ට සහ දුම්රිය මගීන්ට සෙත් පතා ආගමික වතාවත් සිදු කෙරිණි. 1864 දෙසැම්බර් මස 27 වැනිදා පළමු දුම්රිය ගමන කොටුව සිට අඹේපුස්ස දක්වා ධාවනය වූ අතර, එය සංකේතවත් කරමින් අඹේපුස්ස දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක් කෙරුණූ අතර, අඹේපුස්ස දුම්රිය ස්ථානයේදී එම ඓතිහාසික ගමන සිහිපත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ආගමික වැඩසටහනක් ද එහිදී පැවැත්විණි.

එමෙන්ම 28 වැනිදා පස්වරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලදී විශේෂ ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු අතර, එහිදී විශේෂ බෝධි පූජාමය පින්කමක් ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. ඊට අමතරව දුම්රිය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විවිධ ආගමික වැඩසටන් රැසක් ද සංවිධාන කර තිබුණි.

මෙරට දුම්රිය ස්ථාන 320ක් ස්ථාපනය කර ඇති අතර, ලොව උසම දුම්රිය මාර්ගය සහ පුළුල් දුම්රිය මාර්ගය ද මෙරට පිහිටා තිබීම විශේෂත්වයකි.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT