Tuesday, May 6, 2025
Home » ෆ්ලෝටිං මාකට් නංවන්න රජය හා ජපානය එක්වෙයි

ෆ්ලෝටිං මාකට් නංවන්න රජය හා ජපානය එක්වෙයි

by sachintha
December 31, 2024 2:58 am 0 comment

පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය (ෆ්ලෝටිං මාකට්) රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා ආයෝජකයන් දෙදෙනකු ඉදිරිපත්ව ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි මහතා දිනමිණට ඊයේ (30) පැවසීය. මේ අතර ජපන් ආයෝජකයෙක්ද සිටින අතර, ඔහු සමඟ නාගරික සංවර්ධන අධිකාරිය සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයි ඒ මහතා පැවසීය.

මේ වෙළෙඳ සංකීර්ණය නිසි ලෙස නඩත්තු නොවන හෙයින් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ තිප්පොළක් බවට පත්ව ඇතැයි චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් ‘දිනමිණ’ කළ විමසීමේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ එම තත්ත්වය පාලනය කර ඇති බවයි. අනවසරයෙන් එහි රැඳී සිටි පිරිස් ඉවත් කිරීමට පියවර ගත් නාගරික සංවර්ධන අධිකාරිය පාවෙන වෙළෙඳ සංකීර්ණයේ පිරිසුදු කිරීම් නොකඩවා සිදු කරන බවද සඳහන් කළේය. පාවෙන වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර පවත්වාගෙන යන අයගෙන් පිරිසක් එම ස්ථානයෙන් ඉවත්ව යෑමට එකඟතාව පළ කර ඇති හෙයින් ඔවුන්ව වෙනත් ස්ථානවලට යොමු කිරීමටත් එම ස්ථානයේම වෙළෙඳසල් පවත්වාගෙන යෑමට කැමැති අයට නව ආයෝජනය යටතේ පහසුකම් සැපයීමටත් තීරණය වී ඇත.

රන්මලි සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT