Wednesday, May 7, 2025
Home » ආරක්ෂාව නම් අඩු කරලා: මට දීලා තිබෙන ආරක්ෂාව ඇති

ආරක්ෂාව නම් අඩු කරලා: මට දීලා තිබෙන ආරක්ෂාව ඇති

-ශ්‍රීලනිපයේ අයිතිය උසාවි තීන්දුවෙන් පසු

by sachintha
December 31, 2024 2:34 am 0 comment

මේ වනවිට තමන්ගේ ආරක්ෂාව අඩු කර තිබුණ ද ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (29) සවස ඓතිහාසික රුවන්මැලි මහසෑ රදුන් වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමිනි. මේ සඳහා හිටපු ජනාධිපතිවරයා සමඟ හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා ද එක්ව සිටියේය. හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ඇමැතිවරයා ඓතිහාසික රුවන්මැලි මහසෑ විහාරාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේ බැහැදකිමින් ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සුහද කතාබහක ද නියැළිණි. මෙහිදී මාධ්‍යයට වැඩිදුරටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණය දෙන තීන්දුව අනුව අපි ඉදිරි කටයුතු කරනවා. බලයට පත් නව ආණ්ඩුවට රට පාලනය කිරීමට අවස්ථාව දිය යුතුයි. ඒ පාලනයේ හොඳ නරක ඉදිරියේදී ජනතාව තීරණය කරයි. වෙළෙඳපොළ පාලනය කිරීම වෙනුවට පෞද්ගලික වෙළෙඳුන් අතර තරගකාරීත්වය ඇති කිරීමට වෙළෙඳපොළ නිදහස් කළයුතුයි. වෙළෙඳපොළ පාලනය කිරීමට යෑමේදී වෙනත් ප්‍රශ්න ඇතිවිය හැකියි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් කුමන ආකාරයකින් පනත් සංශෝධනය වෙයි ද දන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් මේ වනවිට තීරණයක් ගෙන නැහැ. ඉදිරියේදී සිදුවන තත්ත්වයන් අනුව තීරණ ගැනීමට කටයුතු කරනවා යැයි ද ඔහු කීවේය.

අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ, හිදෝගම සමූහ – චිත්‍රාරත්න කළුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT