Home » පොහොර සහනාධාරය ඉල්ලා මහවිලච්චිය ගොවියෙක් බස් නැවතුම්පොළේ වහලය උඩ

පොහොර සහනාධාරය ඉල්ලා මහවිලච්චිය ගොවියෙක් බස් නැවතුම්පොළේ වහලය උඩ

by sachintha
December 31, 2024 1:48 am 0 comment

පොහොර සහනාධාරය ඉල්ලා මහවිලච්චිය ගොවියෙක් වන ආර්.ඒ. අනුර බණ්ඩාර මහතා මහ විලච්චිය පේමඩුව බස් නැවතුම්පොළේ වහලක් මත නැඟී ඊයේ (30) විරෝධතාවයක නියැළිණි. කන්න රැස්වීමේ තීන්දු තීරණ මත මේ ප්‍රදේශයේ ගොවි ජනතාව වගාව ආරම්භ කළ බවත් ජනාධිපතිවරයා පොරොන්දු වූ පොහොර සහනාධාරය මේ ප්‍රදේශවල ජනතාවට නිසියාකාරව මෙතෙක් ලැබී නැති බව ද ඔහු කියයි. මේ පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබාදෙන තෙක් තමන් මේ විරෝධතාව අත් නොහරින බවද ඒ මහතා පැවසීය.

අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ, හිදෝගම සමූහ චිත්‍රාරත්න කළුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT