Wednesday, May 7, 2025
Home » නාවික හමුදාපති ප්‍රියන්ත පෙරේරා අද්මිරාල් නිලයට උසස් කෙරේ

නාවික හමුදාපති ප්‍රියන්ත පෙරේරා අද්මිරාල් නිලයට උසස් කෙරේ

by sachintha
December 31, 2024 1:51 am 0 comment

ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, අනුර කුමාර දිසානායක මහතා විසින් නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඊයේ (30) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් 2022 දෙසැම්බර් මස 18 වැනි දින රාජකාරි ආරම්භ කරන ලද වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් පසු නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හමුදාපතිවරයා වෙත විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනැමීම ඊයේ (30) නාවික හමුදා මූලස්ථානයේදි සිදු කෙරිණි.

තවද, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2024 දෙසැම්බර් මස 31 වැනි දින වසර 37කට අධික නාවික හමුදා සේවයෙන් අනතුරුව විශ්‍රාම යෑමට නියමිතව ඇත.

 

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT