වන අලි ගැටලුවට නිසි පිළියම් ලබාදෙන ලෙස ඉල්ලමින් අනුරාධපුර -තන්තිරිමලය ප්‍රධාන මාර්ගයේ ඔයාමඩුව ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීහු ඊයේ (30) උද්ඝෝෂණයක නිරත වූහ. තලාව, එප්පාවල, ගල්නෑව හා නොච්චියාගම ප්‍රදේශවල සිටින වන අලි විල්පත්තුව රක්ෂිතයට ගෙනයෑමට රජය ගෙන ඇති පියවර හේතුවෙන් ඔයාමඩුව ප්‍රදේශයේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි පවසමින් සම්පූර්ණයෙන්ම මාර්ගය අවහිර කරමින් මේ උද්ඝෝෂණය පැවැත්වූ අතර මෙහිදී මඟී ජනතාවගේ ගමනාගමනයට බාධා ඇති වී තිබිණි.
ගොවීන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට තමන් ඉතා දුක් මහන්සියෙන් වගාකළ සියලු වගා වන අලි විනාශ කර දමා ඇති බවයි.
අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ, හිදෝගම සමූහ – චිත්‍රාරත්න කළුආරච්චි