Home » ඉන්දුනීසියානු නෞකාව නිල සංචාරය නිම කර නික්ම යයි

ඉන්දුනීසියානු නෞකාව නිල සංචාරය නිම කර නික්ම යයි

by sachintha
December 31, 2024 2:28 am 0 comment

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් මෙරටින් පිටත් වෙයි.

පසුගිය මස 28 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA – CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ඊයේ (30) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

එමෙන්ම, නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ANUGERAH ANNURULLAH, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ සමඟ නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් බුද්ධික ලියනගමගේ සමඟ නිල හමුවක් නාවික හමුදා මුලස්ථානයේදී ඊයේ (30) පැවැත්වීමට කටයුතු කෙරිණි.

තවද, ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුල එහි කාර්ය මණ්ඩලය දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ද ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට කටයුතු කෙරිණි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT