Home » දොඹගහමුල සපත්තු පාලම වෙනුවට උසින් යුතු ස්ථිර පාලමක් දෙන්න

දොඹගහමුල සපත්තු පාලම වෙනුවට උසින් යුතු ස්ථිර පාලමක් දෙන්න

-ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක්

by sachintha
December 31, 2024 1:53 am 0 comment

 

කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයට අයත් වැල්ලව සිට මූකලන්යාය දක්වා ඇති මාර්ගයේ දොඹගහමුල මංකඩ අසල දැදුරුඔය හරහා ඉදිකර ඇති සපත්තු පාලම වෙනුවට උසකින් යුත් ස්ථිර පාලමක් ඉදිකර දෙන ලෙස වගකිවයුතු අයගෙන් වසර ගණනාවක සිට ඉල්ලා සිටියත් එය මේ දක්වා ඉටු වී නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම සපත්තු පාලම කුරුණෑගල මැතිවරණ කොට්ඨාසය සහ හිරියාල මැතිවරණ කොට්ඨාසය මායිමේ පිහිටා තිබෙන බැවින් මැතිවරණ කොට්ඨාස දෙකටම අයිති වේ. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් සපත්තු පාලම වෙනුවට ස්ථිර පාලමක් කිසිම දිනක ඉදිනොවන බවයි. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් වසර ගණනාවක සිට කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් 2003.07.15 වැනි දින එවකට වයඹ පළාත් සභාවේ සහ මධ්‍යම රජයේ සිටි මැති ඇමැතිවරුන්ගේ ඉල්ලීම පරිදි ඉදිකරන ලද මෙම සපත්තු පාලම එවකට සිටි රජයේ විදුලිබල හා බලශක්ති ඇමැති කරු ජයසූරිය මහතා අතින් උත්සවශ්‍රීයෙන් විවෘත කර ජනතාවගේ ප්‍රයෝජනය සඳහා පවරා දීම සිදු කර තිබිණ.

පාලම සම්බන්ධව අදහස් දක්වන වැල්ල, රිකිල්ලගස්කඩ, ලුණුකඩවැල්ල රජමහා විහාරස්ථානයේ භාරකාර විහාරාධිපති කිරිඳිගල්ලේ ඥානරතන ස්වාමීන් වහන්සේ මෙසේ පැවසූහ.

Òමෙම සපත්තු පාලම වැසි දිනවලදී දැදුරුඔයෙන් ගලාගෙන එන ජල කඳට යට වෙනවා. එම අවස්ථාවේදී ජලය බැස යන තෙක් දින ගණනක් අවට ප්‍රදේශවල ජනතාවගේ ගමනාගමනය අතරමඟ ඇනහිටිනවා. එවිට වැඩිපුර සැතපුම් 10 -15ක් දුර ගෙවා වෙනත් විකල්ප මාර්ගයකින් යෑමට සිදු වෙනවා. ඒ වගේම සෑම වර්ෂයකදීම වැසි දිනවලදී මෙම සපත්තු පාලම හරහා යන්න ගිය කිහිප දෙනකුම ජල පහරේ හසුවී ජීවිත අහිමි වුණා. වැසි දිනවලදී දැදුරුඔ‍යේ ජල පහර නිතර නිතර අඩු වැඩි වීම සිදු වන නිසා නොදන්නා අය ඔයෙන් එගොඩ මෙගොඩ වීමට යෑම නිසාත් ජීවිත විනාශ වුණා. බෝගමුව, මූකලන්යාය, කුඩාමූකලන්යාය, ඉහළ පේද්දව, පහළ පේද්දව, රිකිල්ලගමුව සහ කනව ඇතුළු ගම්මාන රැසක ජීවත් වන පවුල්වලට මෙම සපත්තු පාලම හරහායි ගමන් කිරීමට සිදු වෙන්නේ. මේ ගම්මානවල වැඩි දෙනකුගේ ජීවනෝපාය වෙන්නේ බතලගොඩ ව්‍යාපාරය යටතේ ගොවිතැන් කිරීම. ඔවුන්ට එළවළු ඇතුළු අනිකුත් අතිරේක භෝග සහ වී වර්ග අලෙවි කිරීම සඳහා වැල්ලව නගරයට හෝ කුරුණෑගල නගරයට යන්න වෙනවා. ඒ නගර දෙකටම යෑමට ඇති කෙටිම පාර මේ පාරයි. ඒ නිසා එය ඉක්මනින් සාදා දෙන ලෙස ඉල්ලා සිටිනවා.Ó

කටු‍පොත වි‍ශේෂ බී.ඒ.එන්. ශාන්ත කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT