Home » ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍යයෙන් නයිට් පදවියක්

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍යයෙන් නයිට් පදවියක්

by chanaka
January 2, 2025 12:40 pm 0 comment

ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධන ට තෙවැනි චාල්ස් රජු විසින් නයිට් පදවියක් (Knighthood) පිරිනමා ඇත.

ඒ අනුව මින් ඉදිරියට ඔහු “සර් රනිල් ජයවර්ධන” ලෙස හැඳින්වේ.

38 හැවිරිදි රනිල් මැල්කම් ජයවර්ධන එරට රාජ්‍ය සේවයට සහ දේශපාලනයට කළ සේවාව වෙනුවෙන් එම නයිට් පදවිය ඔහුට පිරිනමා ඇත.

රනිල් මැල්කම් ජයවර්ධන හිටපු කොන්සර්වටිව් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු ඇමතිවරයෙකි. ඔහු 2015 සිට 2024 වසර දක්වා ඊසානදිග හැම්ප්ෂයර් (Hampshire) ආසනය නියෝජනය කළේය.

පසුගිය මහ මැතිවරණයේදී ඔහු හැම්ප්ෂයර් ආසනයේ ඡන්ද 634 කින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේක්ෂකයාට පරාජය විය. එහෙත් මහජන නියෝජිතයකු ලෙස මේතාක් ඉටු කළ මහත් කාර්යභාරය අගයමින් ඔහුට නයිට් නාමය පිරිනමා ඇත.

රාජ්‍ය සේවය සෑම විටම තමාට සහ තම පවුලට වැදගත් වූ බවත් එය තමාගේ ඇදහිල්ලක් බවත් ජයවර්ධන පවසයි. එය ප්‍රජාවට සහ රටට ආපසු ලබා දීමට අවස්ථාවක් බවද ඔහු ප්‍රකාශ කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT