Thursday, May 8, 2025
Home » 2025 සංචාරක ඉලක්කය ලක්‍ෂ 25ක් – ඩොලර් බිලියන 05ක ආදායමක් ගන්න යයි

2025 සංචාරක ඉලක්කය ලක්‍ෂ 25ක් – ඩොලර් බිලියන 05ක ආදායමක් ගන්න යයි

by chanaka
January 2, 2025 1:31 pm 0 comment

2025 වසරේදී විදේශීය සංචාරකයන් ලක්ෂ 25ක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සැලසුම් හදා තිබෙන නිසා මේ වසරේ ඇමරිකානු ඩොලර් බිලියන පහක ආදායමක් සංචාරක කර්මාන්තයෙන් උපයා ගැනීමට බලාපොරොත්තු වන බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පැවසීය.

අපේ රටේ ති‌බෙන ආර්ථික බංකොලොත්භාවයෙන් මිදීමට සංචාරක කර්මාන්තය දියුණු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍ය කියා සිටියේය.

එමෙන්ම ඒ සඳහා විදේශීය සංචාරකයන්ගේ ප්‍රවාහන කටයුතු ගුවනින් පවා සිදුකිරීමට කටයුතු සිදුකරමින් සංචාරක කර්මාන්තය හරහා ලබා ගන්නා විදේශීය විනිමයෙන් වාහන ආනයනය, රටේ ණය ගෙවීම ඇතුළු කටයුතු සිදු කරමින් ආර්ථික බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීමට කටයුතු කරන බවද නියෝජ්‍ය ඇමතිවරයා කියයි.

2018 වසරෙන් පසු 2024 වසරේදී ලක්ෂ 20 ඉක්ම වූ විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී සීගිරිය, ඇල්ල, යාල වැනි ස්ථානවල පැවති දිගු පෝලිම් වැනි තත්ත්වවලට විසඳුම් ලබා දීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT