Home » ගෙවුණු වසරේ මෙරටට වැඩිම සංචාරකයින් ඉන්දියාවෙන්

ගෙවුණු වසරේ මෙරටට වැඩිම සංචාරකයින් ඉන්දියාවෙන්

by yasara
January 2, 2025 2:50 pm 0 comment

2024 වසරේ ජනවාරි මස 01 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් 2,053,465 (විසි ලක්ෂ පනස් තුන් දහස් හාර සිය හැට පහක් ) දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

එසේ මෙරටට පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් එනම් 416,974 ක් ඉන්දියාවේ සිට පැමිණ තිබුණි

ඊට අමතරව පිළිවෙළින් රුසියානු ෆෙඩරේෂයෙන් 201,920 ක් ද , එක්සත් රාජධානියෙන් 178,339 ක් ද , ජර්මනියෙන් 136,084 ක්  සහ චීනයෙන් 131,681 ක් වශයෙන් ඉහත  රටවලින් ද ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණ තිබුණි .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT