68
2024 වසරේ ජනවාරි මස 01 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් 2,053,465 (විසි ලක්ෂ පනස් තුන් දහස් හාර සිය හැට පහක් ) දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
එසේ මෙරටට පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් එනම් 416,974 ක් ඉන්දියාවේ සිට පැමිණ තිබුණි
ඊට අමතරව පිළිවෙළින් රුසියානු ෆෙඩරේෂයෙන් 201,920 ක් ද , එක්සත් රාජධානියෙන් 178,339 ක් ද , ජර්මනියෙන් 136,084 ක් සහ චීනයෙන් 131,681 ක් වශයෙන් ඉහත රටවලින් ද ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණ තිබුණි .