Home » ටික්ටොක් සමාජ මාධ්‍යයට ඩොලර් මිලියනයක දඩයක්
වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්

ටික්ටොක් සමාජ මාධ්‍යයට ඩොලර් මිලියනයක දඩයක්

by sachintha
January 2, 2025 1:04 am 0 comment

යොවුන් තරුණ තරුණියන් අතර මාරාන්තික අභියෝග ව්‍යාප්තවීමට හේතු වූ බවට චෝදනා කරමින් වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ටික්ටොක් සමාජ මාධ්‍යජාලයට අමෙරිකානු ඩොලර් මිලියනයක දඩයක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ එම අභියෝගවලට මුහුණදුන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් තිදෙනකු විෂකාරක දියර පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත්වීම සැලකිල්ලට ගනිමින් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

විවිධ ප්‍රතිශක්තිජනක පෙති වර්ග සහ රසායනික සංඝටක ඇතුළත් දියර වර්ග පානය කිරීම වැනි අභියෝග ටික්ටොක් සමාජ මාධ්‍යජාලයේ වයිරල් වී ඇතැයි ද, එවැනි මාරාන්තික අභියෝග ව්‍යාප්ත වීම පාලනය කිරීමට ටික්ටොක් සමාජ මාධ්‍යජාලයේ හිමිකාර සමාගම අසමත් වී ඇතැයි ද වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී තහවුරු වූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

චීනයේ බයිට් ඩාන්ස් සමාගමට අයත් ටික්ටොක් සමාජ මාධ්‍යජාලයට වෙනිසියුලාවේ කාර්යාලයක් ස්ථාපිත කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවත්, දඩ මුදල ගෙවීමට දින අටක කාලයක් ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT