Home » ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන පාකිස්තානයේ සමාජ මාධ්‍යජාලයට බාධා

ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන පාකිස්තානයේ සමාජ මාධ්‍යජාලයට බාධා

by sachintha
January 2, 2025 1:07 am 0 comment

ත්‍රස්තවාදයට රුකුල් දෙන බවටත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවටත් සඳහන් කරමින් පාකිස්තානයේ සමාජ මාධ්‍ය ගිණුම් රැසක් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනයට ලක් කරන ඩිජිටල් නිර්මාණකරුවන් අත්අඩංගුවට ගැනීම ද ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ආරක්ෂක නීති රෙගුලාසි භාවිත කරමින් එරට සමාජ මාධ්‍යජාලා සඳහා මෘදුකාංග මෙවලමක් ද ස්ථාපිත කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇති අතර, එය සයිබර් අපරාධ විරෝධී නීති අනිසි ලෙස භාවිත කරමින් අන්තර්ජාල අවකාශය පාලනය කිරීමේ පියවරක් ලෙස විවේචනයට ලක්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

සයිබර් අපරාධ වැළැක්වීමේ පනත යටතේ පසුගිය නොවැම්බරයේදී පාකිස්තාන රජය පුද්ගලයන් 150කට අධික සංඛ්‍යාවකට නඩු පවරා ඇති බවත්, ඉන් 33 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ. ඒ අතර පාකිස්තානයේ ප්‍රකට මාධ්‍යවේදීන්, දේශපාලන නායකයන්, සමාජ ක්‍රියාකාරීන් සහ විද්වතුන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT