අමෙරිකාවේ “නිව් ඔර්ලියන්ස්” හි සිදු වූ ප්‍රහාරයේ සැකකරු, ටෙක්සාස් හි 42 දෙහැවිරිදි ෂම්සුඩ්-ඩින් ජබ්බාර් බවට හඳුනා ගෙන තිබේ.
ඔහු අමෙරිකානු පුරවැසියෙක් බව වාර්තා වේ. ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 15 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. එසේම මෙම සිද්ධියෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.
අමෙරිකාවේ දකුණු දිග ප්‍රාන්තයක් වන ලුයිසියානාහි නව වසර උදාව සැමරීම සඳහා ඊයේ රැස්ව සිටි නගර වැසියන් සහ සංචාරකයින් පිරිසක් යටකරමින් මොහු පිකප් වර්ගයේ ට්‍රක් රථයක් ධාවනය කර තිබුණි.
ට්‍රක් රථයෙන් පැමිණි සැකකරු, මාර්ග ආරක්ෂාවට යොදා සිටි පොලිස් භටයන්ට ප්‍රථමයෙන් වෙඩි තබා ඇති බව සඳහන් වේ.
අනතුරුව ජනතාවගෙන් පිරී තිබූ “බර්බන්” වීදීයේ මාර්ග බාධක බිඳ ගෙන ප්‍රහාරකයා සිය ට්‍රක් රථය සෙනග අතරට ධානය කළ බව, සිද්ධිය දුටුවන් පවසා තිබුණි.
හඳුනාගත් සැකකරු, පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් තිබේ.
ඔහු පැදවූ ට්‍රක් රථයේ තිබී අයි එස් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමට අයත් ධජයක් සොයා ගත් බවයි, වාර්තා වන්නේ. ප්‍රහාරය ත්‍රස්තවාදි ක්‍රියාවක් බව, අමෙරිකානු “එෆ් බී අයි” සේවය පවසා ඇත.