Home » ට්‍රම්ප් හෝටලය අසලදී ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා යයි

ට්‍රම්ප් හෝටලය අසලදී ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා යයි

by chanaka
January 2, 2025 4:40 pm 0 comment

අමෙරිකාවේ ලාස් වේගාස් ප්‍රදේශයේ පිහිටි ට්‍රම්ප් හෝටලය ඉදිරිපිටදී ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා යාමෙන් එහි රියදුරා මියගොස් තවත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ට්‍රක් රථයේ පිටුපස තිබී ගෑස් කැනිස්ටර්, කඳවුරු ඉන්ධන කැනිස්ටර් සහ ගිනිකෙළි ද්‍රව්‍ය සොයාගත් බව ලාස් වේගාස් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ ෂෙරිෆ් කෙවින් මැක්මාහිල් ප්‍රකාශ කර තිබේ.

ට්‍රක් රථය කොලරාඩෝ හිදී කුලියට ගෙන ඇති අතර, පිපිරීමට පැය දෙකකටත් අඩු කාලයකට පෙර එම ස්ථානයට පැමිණ ඇත.

අමෙරිකාවේ නිව්ඕර්ලියන්ස් ප්‍රාන්තයේ බර්බන් ප්‍රදේශයට එක් රැස් වූ පිරිසක් අතරට ට්‍රක් රථයක් කඩා වැදී සිදු වූ අනතුර සහ මෙය අතර සම්බන්ධයක් පවතීද යන්න බලධාරීන් පරීක්ෂා කරමින් සිටින බව ලාස් වේගාස් පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම සිදුවීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ද යන්න තීරණය කිරීමට FBI කටයුතු කරමින් සිටින බව FBI හි Las Vegas කාර්යාලය භාර වැඩබලන විශේෂ නියෝජිත ජෙරමි ෂ්වාට්ස් ප්‍රකාශ කළේය.

එය හුදකලා සිදුවීමක් බවත් මහජනතාවට තවත් අනතුරක් නොමැති බවත් ඒජන්සිය විශ්වාස කරන බව ෂ්වාට්ස් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT