කසිප්පු බොන්න රුපියල් තුන්සියයක් නොදුන්නැයි බහින්බස්වී බිරියට උදැල්ලකින් පහරදී ඝාතනය කළ පුද්ගලයකු සිය නිෙවස පිටුපස කජු ගසක එල්ලී දිවි හානි කරෙගන ඇතැයි කුලියාපිටිය පොලීසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුලියාපිටිය එළතලව ප්‍රදේශයේ 37 හැවිරිදි හිටිහාමි මුදියන්සේලාගේ චාමිනී ලක්ෂිකා සේනානායක නමැති කන්තාව බව පොලීසිය සඳහන් කළේය.
ඇගේ සැමියා වන 42 හැවිරිදි ආරච්චිගේ අමිල රණසිංහ නමැත්තා ගෙල වැලලාගෙන මියගොස් තිබේ.
කලක් වෙන්ව ජීවත් වී ඇති මෙම යුවළ පසුව යළිත් එකට එක්ව වාසය කර ඇති බවත්, දෙදෙනාට දාව වයස අවුරුදු 14ක පිරිමි දරුවකුද සිටින බවත් පොලීසිය සඳහන් කරයි.
මෙම මරණ සම්බන්ධව කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය වැඩබලන මහේස්ත්‍රාත් චම්පික ලසිත කුමාර මහතා සිදුකරනු ලැබීය. එහිදී වැඩබලන මහේස්ත්‍රාත් නියෝග කළේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර අධිකරණයට කරුණු දක්වන ලෙසයි.
කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ, සහකාර පොලිස් අධිකාරී වසන්ත හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් අනුව කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක සුදේෂ් අමරසේන, සරින්ද පෙරේරා යන නිලධාරීහු විමර්ශන පවත්වති.
කුලියාපිටිය – මෙවිරු ධනාන්