Home » සේනානායක සමුද්‍රය වාන්දැමීමට ආසන්නයි

සේනානායක සමුද්‍රය වාන්දැමීමට ආසන්නයි

by yasara
January 2, 2025 12:54 pm 0 comment

සේනානායක සමුද්‍රයේ ජලපෝෂක ප්‍රදේශය වන මොනරාගල බිබිල දොරපොතකන්ද ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ඉගිණියාගල සේනානායක සමුද්‍රය ජලයෙන් පිරී වාන් දැමීමට ආසන්නව පවතින බව වාරිමාර්ග නිලධාරීහු පවසති.

සේනානායක සමුද්‍රයේ ජලධාරිතාව අක්කර අඩි  7,70, 000 වන අතර මේවන විට එය අක්කර අඩි 6,13,200 ලඟාවී ඇත.

ජල මට්ටමේ උස අඩි 101.20 වන අතර උපරිම මට්ටම 110 කි.අඩි 104 වන විට ජලාශයේ ගේට්ටු විවෘතකිරීමට නියමිතය.

ඉඟිනියාගල ජලාශය යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර එක්ලක්ෂ විසිදහසක මහ කන්නයේ වී වගාකෙරේ.

පසුගිය වසරේ ඇදහැළුණු මහ වැස්සත් සමඟ වගාවන්ට හානි සිදුවූ අතර ඇලවේලි සහ පිටවාන ස්ථාන 751 කින් කැඩී බිඳී ගොස් තිබූ අතර මේ වන විට රුපියල් මිලියන 15 වැයකර ඒවා පිළිසකර කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT