Saturday, May 10, 2025
Home » ශ්‍රී ලංකාවට ලකුණු 7ක ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 7ක ජයක්

by yasara
January 2, 2025 11:40 am 0 comment

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසිලන්තය අතර තුන්වන පන්දුවාර 20-20 තරගය ලකුණු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලකුණු 218 ක් රැස්කළේය.

මෙහිදී ශතකයක් වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත් වූ අතර ඔහු පන්දු 46 කදී ලබා ගත් ලකුණු 101කට රැස් කළේය.

ඊට 4 පහර 13ක් හා 6 පහර 4ක් ඇතුලත් විය

මෙය වාර්තා අතරට එක්වුයේ පන්දුවාර 20-20 තරගයකදී වසර 13කට පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලබාගත් ශතකය ලෙසටයි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ නවසිලන්තයට කඩුලු 7ක් දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 211 පමණි.

කෙසේ වුවත් තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගත්තේ නවසිලන්තයයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT