40
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් මෙරට රජයේ රෝහලක ඇති පළමු සහ එකම ඇටමිදුළු සහ රුධිර ජනන ප්‍රාථමික සෛල බද්ධ කිරීමේ ඒකකය ඊයේ (02) රෝහල සතු කෙරිණි. රුහුණු කතරගම මහා දේවාලයේ මූල්‍ය අනුග්‍රහයෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිවූ මෙම ඒකකය කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහත්වරුන්ගේත් රෝහලේ ප්‍රතිකාර ලබන කුඩා දැරියක ඇතුළු පිරිසකගේත් ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අයුරු.