Saturday, May 3, 2025
Home » ඉතිහාසයේ සෞඛ්‍යයට වැඩිම මුදල මෙවර අයවැයෙන්

ඉතිහාසයේ සෞඛ්‍යයට වැඩිම මුදල මෙවර අයවැයෙන්

by mahesh
January 3, 2025 1:05 am 0 comment

සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙරට රජයේ රෝහලක් තුළ ඉදිකළ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය මහරගම අපේක්ෂා රෝහලේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා ඊයේ (02) මේ බව කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම රජයක් ඉල්ලුවොත් මුදල් දෙන තැනක්. කතරගම දෙයියෝ නෙමෙයි තිස්තුන් කෝටියක් දෙවිවරු දෙනවාට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් හැම වසරකම වෙන් කරනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරනවා යැයි හෙතෙම මෙහිදී කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශීය දානපතියන් හරහා ඒ වගේම අපේ අමාත්‍යාංශය හරහා විදේශීය ජාත්‍යන්තර ආයතනවල අනුග්‍රහය යම් යම් කාලවලදී ලැබෙනවා. අපි කරන්න සූදානම් වෙන්නේ මේ සියලු ප්‍රතිපාදන යම් ආකාරයකට විධිමත්ව, සැලසුම්සහගතව යෙදවීමට කටයුතු කරන එක. මින් ඉදිරියට දේශපාලන උවමනාව මත හෝ කාට හරි රෝහලක් බලලා හිතේ ඇති වෙන සංවේදී සිතිවිල්ලට උදවු කරන්න බෑ. ඉදිරි අවුරුදු 20 ගැන සලකලා බලලා ජාතික සැලැස්මක් අනුව තමා මේ සංවර්ධන කටයුතු කරන්නේ.

අපේ මන්ත්‍රීවරුන්ටත් තමන්ගේ ප්‍රදේශයේ රෝහල මහ රෝහලක්, ජාතික රෝහලක් දක්වා දියුණු කර ගන්න හීන තියෙන්න පුළුවන්. නමුත් ඒ හීන කොතරම් ජාතික සැලැස්ම එක්ක ගැළපෙනවා ද කියන එක සලකා බලමින් තමා මෙතැනින් එහාට අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ යැයි ද පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT