මහාචාර්ය සනත් නන්දසිරි ගාන්ධර්වයාණන්ගේ ගාන්ධාරී සංගීත ආයතනයේ 2025 නව වසර වෙනුවෙන් පන්ති ආරම්භය 04දා (හෙට) පෙරවරු 9.00ට ඇඹුල්දෙණිය, නුගේගොඩ පිහිටි සංගීත ආශ්‍රමයේදී සිදු කෙරේ. භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨය මඟින් පවත්වනු ලබන ප්‍රථමා සිට විශාරදii වන අදියර දක්වා ගායනය සහ තබ්ලා වාදන විභාගද, අපොස සා. පෙළ සංගීතය සිද්ධාන්ත සහ ප්‍රායෝගික) 6 සිට 11 ශ්‍රේණිය දක්වා, keyboard වාදන පුහුණුව මෙහි දී සිසුන්ට ඉගෙන ගත හැකිය. මෙම සංගීතායතනය මෙහෙයවනු ලබන්නේ සංගීතාචාර්ය අනුරාධා නන්දසිරි විසිනි.
ප්‍රියංකර පෙරේරාට උපහාරයක්
ආනන්දනීය සිංහල සිනමා සංසදයේ 52 වැනි හමුව පසුගිය දිනෙක දී යෙදී තිබුණි. එහිදි ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාට උපහාර පිදීමක් සිදු විය. එය මාලබේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණු අතර ඒ සඳහා ආනන්දනීය සිනමා සංසදයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු කලාකරුවෝ විශාල පිරිසක් සහභාගි වූහ.
සළු පලඳවා, ජීවමාන සිතුවමක්, සමරු තිළිණය සමඟ මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදු කරන ලදී. ආනන්දනීය සිංහල සිනමා සංසදයේ සභාපති ආනන්ද ගමගේ, චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු, නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල සහ රංගන ශිල්පී සරත් දික්කුඹුර යන අය මෙහිදී කෙටි දෙසුම් පවත්වන ලදී.
අප අතරින් වෙන්ව ගිය මිල්ටන් පෙරේරා හා ප්‍රියංකර පෙරේරා ගැයූ ගීත එදින සහභාගී වූ ගායන ශිල්පීන් සහ ආනන්දනීය හිතවතුන් හිතවතියන් විසින් ගායනා කරන ලදී.
‘හදගැස්ම’
අකිල සඳකැලුම්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘හදගැස්ම’ ඉසුරු ෆිල්ම්ස් නිෂ්පාදනයක් ලෙස මේ දිනවල දිවයින පුරා සාර්ථකව ප්‍රදර්ශනය කෙරේ. හදගැස්ම චිත්‍රපටයට රංගනයෙන් අර්ජුන කමලනාත්, ශාලිකා එදිරිසිංහ, නයෝමි පීරිස්, අනුර පතිරණ, හර්ෂිකා රත්නායක, පවිත්‍රා වික්‍රමසිංහ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති
‘විශ්ම’ දින 50 පසු කරයි
රන්දික විජේමාන්න අධ්‍යක්ෂණය කළ සිරාජ් රසීන්ගේ නිෂ්පාදනයක් වන රුහුණගේ සඳමාලිගේ විධායක නිෂ්පාදනයක් වන ‘විශ්ම’ සිනමා පටය දින 50 පසු කරයි.
සාර්ථකව දිවයින පුරා තිරගත වන සිනමා පටයේ දිනක්ෂි ප්‍රියසාද්, සාරංග දිසාසේකර, රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ, ළමා නළු නිළියන් ඇතුළු රංගන ශිල්පීහු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
Rhythm of Highlanders 2024
මහරගම හයිලන්ස් විද්‍යාලයයේ Rhythm of Highlanders 2024 විවිධ ප්‍රසංගය මෙවරත් පාසලේ දරුවන් 750 ක් හා විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය ඇතුළු විශාල මවුපිය පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස නෙළුම් පොකුණ ප්‍රාසාංගික රංග ශාලාවේදී පසුගිය දා පැවැත්විණි. මෙයට ආරාධිත අමුත්තන් වශයෙන් විනිසුරු රංගජීව විමලසේන, මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාෂා, සංස්කෘතික අධ්‍යයන හා රංග කලා අධ්‍යයනාංශයේ හිමාලිකා රණවීර, ජ්‍යෙෂ්ඨ නර්තන උපදේශක සහ නර්තන ශිල්පිනී නෙමලිකා බුද්ධවත්ත මහත්මිය යන අය සහභාගි වූහ.
“සසර සක්මන” මුහුරත් උලෙළ
ප්‍රවීණ සාහිත්‍යවේදී ආචාර්ය විමලරත්න ඩී. කටුලන්ද තිර රචනය ලියූ, රංගවේදී අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කරන සසර සක්මන ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු පසුගියදා සුබ මොහොතින් ඇරඹුණි. මෙහි කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ශ්‍රියානි අමරසේන, ක්ලීටස් මෙන්ඩිස්, විශ්ව කොඩිකාර, සමන් අල්මේදා ඇතුළු ළමා නළු නිළියන් වන විහාරා ආශිංසනා, තතිර සචිත් කටුලන්ද මේ සඳහා රංගනයෙන් දායක වෙති. සහාය අධ්‍යක්ෂණය බන්ධුල වීරසේකර විසින් සිදු කරන අතර අංග රචනය අනුර මාපිටිගම සහ සංගීතය විශාරද කරුණාරත්න වනසිංහගෙනි. සසර සක්මන කඩවත විස්ඩම් ටෙලි ක්‍රියේෂන්ස් කුලුඳුල් නිෂ්පාදනයකි.
ඉන්දීවරී පෙරේරා
‘සල්ලි අරන් හොරු ඇවිදින්’ අනිද්දා
ප්‍රියන්ත රන්ජන්ගේ නාට්‍ය නිර්මාණයක් වන මාෂි නිශාදි විලේගොඩ නිෂ්පාදනයෙන් දායක වන සරත් කුලාංග සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වෙන ‘සල්ලි අරන් හොරු ඇවිදින්’ අනිද්දා (05) සවස දර්ශන වාර දෙකක් එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.
Father the farmer මාධ්‍ය දර්ශනය හෙටයි
ආදරය අහිමි පොළොවට, ආදරය අරගෙන එන, තේමාව යටතේ ජාතික ආර්ථිකයට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට යෝජනාවක් ලෙස, දර්ශන රුවන් දිසා නායක අධ්‍යක්ෂණය කළ සරත් බණ්ඩාර කොක්වැව මහතා විසින් නිෂ්පාදනය කරන ලද ජාත්‍යන්තර සම්මාන 9ක් දිනූ Father the farmer සිනමා පටයේ මාධ්‍ය දර්ශනය හෙට (4) සවස 4.00ට කොළඹ Savoy 3D සිනමා ශාලාවේදී පැවැත්වේ.
නිශ්ශංක විජේරත්න