Saturday, May 3, 2025
Home » ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් පොලිස් ප්‍රධානියා මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් පොලිස් ප්‍රධානියා මරුට

by mahesh
January 3, 2025 1:02 am 0 comment

ගාසා තීරයේ ඛාන් යූනිස් නුවර අවතැන් වූ ජනතාව වෙනුවෙන් ඉදිකර තිබූ කඳවුරකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් පරිපාලනයේ පොලිස් ප්‍රධානියා සහ නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අවතැන්වූ ජනතාව වෙනුවෙන් මානුෂික මෙහෙයුමක නිරතව සිටි පොලිස් ප්‍රධානින් ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කරනු ලැබූ බවට හමාස් පරිපාලනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි ද, එම ප්‍රහාරය හෙළා දකින බව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම ගුවන් ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 9 දෙනකුට ද ජීවිත අහිමි වී ඇති අතර, දරුවන් තිදෙනකු සහ කාන්තාවන් තිදෙනකු ද ඒ අතර සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. හමාස් පරිපාලනයේ පොලිස් ප්‍රධානියා ඉලක්ක කරමින් සරණාගත කඳවුරට ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර ඇතැයි ද, ගාසා තීරයේ මෙහෙයුම්වල නිරතව සිටින සිය හමුදා කණ්ඩායම්වලට හමාස් සන්නද්ධ අංශයෙන් එල්ල වන ත්‍රස්ත ප්‍රහාර සඳහා පොලිස් ප්‍රධානියා සහාය දුන් බවද ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT