ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ඉකුත්දා (31) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ඒ අනුව හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙරුණු මේ ප්‍රථම නිල හමුවේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් ලද පත්වීම සම්බන්ධයෙන් වයිස් අද්මිරාල් කාංචන බානගොඩ වෙත ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය සුබ පැතුම් පිරිනැමිමෙන් අනතුරුව,ජාතික සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සහ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය ඇතුළු වැදගත් කරුණු පිළිබඳව නාවික හමුදාපති සහ ආරක්‍ෂක ලේකම් අතර අදහස් හුවමාරුවක් ද සිදු කෙරිණි.තවද නාවික හමුදාපතිවරයා විසින් ආරක්‍ෂක ලේකම් හමු වූ මෙම ප්‍රථම නිල හමුව සංකේතවත් කරමින් නාවික හමුදාපතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.