Home » රනිල් ජයවර්ධනට බ්‍රිතාන්‍යයෙන් නයිට් නාමයක්

රනිල් ජයවර්ධනට බ්‍රිතාන්‍යයෙන් නයිට් නාමයක්

by mahesh
January 3, 2025 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

එක්සත් රාජධානියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතාට එරටින් නයිට් නාමයක් හිමිව තිබේ.

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් එම ගෞරව නාමය පිරිනමා තිබෙන අතර ඒ අනුව ඒ මහතා මින් ඉදිරියට ශ්‍රීමත් ලෙස හැඳින්වේ. ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් ජයවර්ධන මහතා, 2015 වසරේ සිට 2024 දක්වා එරට පාර්ලිමේන්තුවේ ඊසාන දිග හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කර තිබෙන අතර ඔහු රාජ්‍ය සේවයට කළ පුළුල් දායකත්වය අගය කරමින් මේ ගෞරව නාමය පිරිනමා තිබෙන බව වාර්තා වෙයි.

කෙසේ වුවද පසුගිය මහමැතිවරණයේ දී ඒ මහතා නියෝජනය කරන හැම්ප්ෂෙයර් ආසනය ජය ගැනීමට නොහැකි විය. මහජන නියෝජිතයකු ලෙස රනිල් ජයවර්ධන මහතා මෙතෙක් ඉටුකළ කාර්යභාරය අගයමින් ඔහුට මෙලෙස නයිට් නාමයක් පිරිනමා ඇතැයි වාර්තා වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT