Home » උදාවූ නව වසරේ ජනතා සිතුම් පැතුම් සපල කිරීමට සියලු දෙනා කැප වෙන්න

උදාවූ නව වසරේ ජනතා සිතුම් පැතුම් සපල කිරීමට සියලු දෙනා කැප වෙන්න

මුදල් අමාත්‍යංශ ලේකම් නිලධාරීන්ගෙන් ඉල්ලයි

by mahesh
January 3, 2025 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

විශාල අභියෝග ප්‍රමාණයක් ජයගත් වසර කිහිපය පසුකර අත්දැකීම් ඇතිව තවත් ඉදිරියට රට සහ ජනතාවගේ සිතුම් පැතුම් සපල කිරීමට අධිෂ්ඨානශීලීව කැපවන්නැයි 2025 නව වසරේ රාජකාරි ආරම්භ කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා අමාත්‍යංශ නිලධාරීන් සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළේය. නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ සහ ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිඥාව ලබාදීමේ මුදල් අමාත්‍යාංශයේ උත්සවය, නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම ආදිය කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති අවස්ථාවේදී ලේකම්වරයා ඉල්ලීම කළේය.

කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් සහ ක්‍රමසම්පාදන රාජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු, දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT