Home » ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී මැණික් පොළක් ලබන ඉරිදා

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී මැණික් පොළක් ලබන ඉරිදා

by mahesh
January 3, 2025 1:00 am 0 comment

මෙරට මැණික් කර්මාන්තයේ නියැළී සිටින මැණික් ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට හමුවිය හැකි හොඳම ස්ථානයක් නිර්මාණය කරමින් මේ මස 5දා උදෑසන 10.00 සිට සවස 2.00 දක්වා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී මැණික් පොළක් පැවැත්වේ.

මැණික් ක්ෂේත්‍රයේ කුමන තරාතිරමක සිටින අයකුට වුව කුඩා ප්‍රමාණයෙන් මැණික් ගනුදෙනු කරුවකු හෝ විශාල ලෙස මැණික් ගනුදෙනු කරන අයකු වුවත්,සෑම කෙනෙකුටම සහභාගි විය හැකි මේ මැණික් පොළ සංවිධාන කර ඇත.ඕනෑම මැණික් ගල් වර්ගයක් අලෙවි කිරීමට මෙහිදී ඉඩකඩ හැකියාව සලසා ඇත.එය රුපියල් 5000ක ගනුදෙනුවක් හෝ මිලියන ගණනක ගනුදෙනුවක් හෝ ඉතා ආරක්ෂිකාරිව කර ගැනීමට හොඳ අවස්ථාවකි.මැණික් ව්‍යාපාරයට සම්බන්ධ වීමට කැමති ආධුනික අයකුට පවා මෙය ඉතා හොඳ ස්ථානයකි.

රුපියල් 5000ක මැණිකක් වුවද මිලදී ගැනීමට සූදානම්ව පැමිණෙන

කුඩා මැණික් පතල්කරුවන්ට සහ අලෙවිකරුවන්ට මෙම පොළෙන් විශාල වාසියක් ඇත. ඔවුන් තවදුරටත් තැරව් කරුවන් පසුපස යාමට අවශ්‍යය නැත.

මැණික් හඳුනාගැනීමේ සේවාව,මැණික් කැපුම් සේවාව,මැණික් මිලදී ගැනීමට මුල්‍ය ආධාර සේවාව, දවසේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සොයා දීමේ සේවාව,පොලිස් අධීක්ෂණය සහිත සුරක්ෂිත වෙළෙඳ කලාපය සහ ගොඩනැඟිල්ලේම බැංකු පහසුකම් සහිත පරිසරයක මැණික් පොළේ අත්දැකීම් ලබාගත හැකිය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT