කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා තෙවැනි වරටත් උපකුලපති සම්මානයෙන් පිදුම් ලැබීය.
‘කැලණිය විශ්වවිද්‍යාලයේ දීර්ඝ සේවා සම්මාන ප්‍රදානෝත්සවය සහ උපකුලපති සම්මාන ප්‍රදානෝත්සවය – 2025’ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (01) කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණි.
මේ සම්මාන උලෙළේ දී විවිධ කාණ්ඩ යටතේ උපකුලපති සම්මාන ප්‍රදානය කළ අතර, එහිදී මධ්‍යස්ථාන/ඒකකවල සාර්ථක අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පිරිනමන ලද සම්මානයකින්, කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා පිදුම් ලැබීය. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරයා වශයෙන් වසර හතරකට ආසන්න කාලයක් සේවය කරමින් සිටින අතර, මධ්‍යස්ථාන/ඒකකවල සාර්ථක අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පිරිනමන ලද සම්මානයකින් ඒ මහතා මෙවර පිදුම් ලැබුවේ අඛණ්ඩව තෙවැනි වරට වීම විශේෂත්වයකි.
2007 වසරේ සිට වාර්ෂිකව පවත්වන මේ උත්සවයේ මූලික අරමුණ වන්නේ පසුගිය වසරේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සේවය ඇගයීම සහ ඔවුන් තවදුරටත් දිරිමත් කිරීමයි.