කන්තලේ, භාතියාගම ග්‍රාම නිලධාරි වසමේ, පරාක්‍රම මාවතේ පදිංචි ආර්ථික අපහසුතා සහිත පවුලක් වෙත රජයේ ආධාර ඇතිව ඉදිකරදී තිබී වැඩ අවසන් කර ගැනීමට නොහැකිව තිබියදී නිවෙසේ ඉතිරි වැඩ අවසන් කර එම පවුල වෙත නිවෙස භාරදීම ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයීය සුභසාධක සංගමය මැදිහත්ව සිදු කළහ.
ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයීය සුබ සාධක සංගමයේ අනුශාසක දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරි මහත්ම මහත්මීන්ගේ මූල්‍ය ආධාර සහ ප්‍රදේශයේ දානපති කිහිපදෙනකුගේද දායකත්වයෙන් වැඩ අවසන් කළ නිවෙසේ ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රම දායකත්වය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු භට පිරිස් ලබාදෙනු ලැබූහ.
නිවෙස භාරදීමේ අවස්ථාව ත්‍රිකුණාමලය හිටපු දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට අතිරේක දිසාපති එස්. සුදාකරන්, සුබ සාධක සංගමයේ සභාපති සිංහ එච්. සංජීව යන මහත්වරු ඇතුළු නිලධාරීන් සමඟ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. නිවෙස භාරදෙන අවස්ථාවේදී එම පවුලට අවශ්‍ය වියළි ආහාර ලබා දීමක් ද සිදු කළ බව සුබ සාධක සංගමයේ සභාපති සිංහ එච්. සංජීව මහතා පැවැසීය.