Home » කාන්තා බැරැක්කයට රිංගූ කොස්තාපල් මාට්ටු

කාන්තා බැරැක්කයට රිංගූ කොස්තාපල් මාට්ටු

by mahesh
January 3, 2025 1:00 am 0 comment

පුත්තලම සමූහ - ක්‍රිස්පිල් බෙනඩික් ප්‍රනාන්දු කල්පිටිය සමූහ - කුමාරි පද්මලතා

කාන්තා පොලිස් බැරැක්කයට හොර රහසේ අයුතු ලෙස ඇතුල්වී සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයකු නොරොච්චෝලෙයි පොලිස් සථානාධිපතිවරයා විසින් පෙරේදා (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඉහත චෝදනාව යටතේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝලෙයි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයකි.

නොරොච්චෝලෙයි පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් බැරැක්කයට පුද්ගලයකු ඇතුළුවී ඇති බවට ලැබී ඇති රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක්වූ නොරොච්චෝලෙයි පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා වහා සිදුකළ පරීක්ෂණයකදී කාන්තා පොලිස් බැරැක්කය තුළට ඇතුළුවී සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයා මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. අත්අඩංගුවට ගනු ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර විමර්ශන සඳහා කල්පිටිය සහකාර පොලිස් අධිකාරිවරයාට භාරදීමට කටයුතු කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT