Saturday, May 10, 2025
Home » කැලණිය සරසවියේ ‘UOK Pulse’ සංගීත කණ්ඩායම එළි දකී

කැලණිය සරසවියේ ‘UOK Pulse’ සංගීත කණ්ඩායම එළි දකී

by mahesh
January 3, 2025 1:00 am 0 comment

තක්ෂිලා උදයංගනී

කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානය, සන්නිවේදන හා මාධ්‍ය ඒකකය සහ කලා මණ්ඩලයේ මූලිකත්වයෙන් සංවිධාන කෙරුණු ‘UOK Pulse’ අභිනව සංගීත කණ්ඩායමේ කලඑළි දැක්ම පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මේ සංගීත කණ්ඩායම කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හා විද්‍යාර්ථීන්ගේ ගායන සහ වාදන හැකියාවන් ඔප්නැංවීමේ අරමුණින් නිර්මාණය කෙරිණි. ‘UOK Pulse’ සංගීත කණ්ඩායමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා කටයුතු කරන අතර විශ්වවිද්‍යාලයීය සංස්කෘතික මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක, කථිකාචාර්ය මිලින්ද තෙන්නකෝන් මහතා මේ සංගීත කණ්ඩායමේ සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරයි. කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, විද්‍යාර්ථීන් සහ මවුපියෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT