Sunday, May 11, 2025
Home » පුංචි ඡන්දයට ශ්‍රීලනිපය පුටුවෙන් එයි

පුංචි ඡන්දයට ශ්‍රීලනිපය පුටුවෙන් එයි

by mahesh
January 3, 2025 1:00 am 0 comment

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා පුටුව ලකුණින් තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

නව වසරේ දේශපාලන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (02) පැවති උත්සවය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

2025 මැතිවරණ වසරක් වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස වාමාංශික කණ්ඩායම්වලට ආරාධනා කළ බවත් ඔහු අලුත් අවුරුද්දේ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT