Home » වසරේ පළමු උල්කාපාත වැස්ස අද රාත්‍රීයේ දී

වසරේ පළමු උල්කාපාත වැස්ස අද රාත්‍රීයේ දී

by yasara
January 3, 2025 10:22 am 0 comment

2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

මෙම උල්කාපාත වර්ෂාව සක්‍රීයව පවතින්නේ දෙසැම්බර් 28 සිට ජනවාරි 12 දක්වා අතර කාලයේදීයි.

එය උපරිම අවස්ථාවට පත්වන්නේ අද දිනයේදීයි.

අලුයම පහට පමණ ඊසාන දින අහසේ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් දැකගත හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT