Home » තිරප්පනේ අලි මුරකුටි ආණ්ඩුකාර ලේකම්ගේ නිරීක්ෂණයට

තිරප්පනේ අලි මුරකුටි ආණ්ඩුකාර ලේකම්ගේ නිරීක්ෂණයට

by mahesh
January 3, 2025 1:00 am 0 comment

තඹුත්තේගම විශේෂ - ඩබ්ලිවි. ප්‍රදීප්

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන ගණනාවක වනඅලි පාලනය සඳහා ඉදි කරනු ලබන මුරකුටි නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා උතුරුමැද පළාත් ආණ්ඩුකාර ලේකම් ඩබ්.පී.ඩබ්. වනසිංහ මහතා එක්ව සිටියහ.

සිවිල් ආරක්ෂක බළකාය සහ ග්‍රාමීය ප්‍රජා සහභාගීත්වය මඟින් මෙම ව්‍යාපෘති ක්‍රියාවට නංවන අතර තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙහෙයවීම සිදු කරයි. වනඅලි ගම්වැදීම පාලනය කිරීමත්, අලි වැට ආරක්ෂා කරමින් එහි නඩත්තු කටයුතු පහසු කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ. තිරප්පනේ කොට්ඨාසයේ මේ සඳහා ඉදිකෙරෙන වනඅලි මුර කුටි ගණන 12කි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරින් සහ ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT