Home » බලපත්‍ර ඉක්මවා ප්‍රවාහනය කළ වැලි රාජසන්තකයි

බලපත්‍ර ඉක්මවා ප්‍රවාහනය කළ වැලි රාජසන්තකයි

ටිපර්වලට දඩ

by mahesh
January 3, 2025 1:00 am 0 comment

ගල්පාත චන්දන ජයලාල්

මාතලේ ප්‍රදේශයේ සිට බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ඛනිජ වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් මිල්ලනිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි මිල්ලනිය පොලීසිය පැවසීය.

මිල්ලනිය මංසන්ධියේදී රථවාහන රාජකාරියේ නිරත වී සිටි රථවාහන අංශයේ ස්ථානාධිපති අජිත් හේමකුමාර මහතාට ඇති වූ සැකයක් මත ටිපර් රථ දෙක නවතා පරීක්ෂා කිරීමේදී බලපත්‍රයට අදාළ ප්‍රමාණය ඉක්මවා වැලි පටවා ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව එම ටිපර් රථ මැන බැලීමේදී බලපත්‍රයට අදාළ කියුබ් 3ක ප්‍රමාණයට වඩා කියුබ් 1ක ප්‍රමාණයක් වැඩිපුර පටවා තිබී ඇත. පසුව එම ඛනිජ වැලි සමඟ ටිපර් රථ දෙක අත්අඩංගුවට ගෙන තිබේ. එම ඛනිජ වැලි කිලෝ 1ක වටිනාකම රුපියල් 6,000කට ආසන්න බව අනාවරණය වී ඇත.

ඛනිජ වැලි සමඟ ටිපර් රථ දෙක හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඛනිජ වැලි තොගය රාජසන්තක කර ඇත. එම වැලි කළුතර සෞඛ්‍ය වෛද්‍ය පර්යේෂණ අයතනය වෙත ලබා දීමට අධිකරණය නියෝග කර ඇති අතර, රුපියල් 50,000 බැඟින් දඩ මුදලක් ද, ලක්ෂ 50ක බැඳුම්කරයක් ද මත ටිපර් රථ දෙක මුදා හැර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT