95
මාතර වැලිගම ප්‍රදේශයේ අද (04) අළුයම සිදු කළ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි
වැලිගම වල්ලිවල ප්‍රදේශයේ දී පාපැදියකින් දෙදෙනෙකු ගමන් කරමින් සිටියදීයි මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙයි.
යතුරු පැදි දෙකකින් පැමිණි නාදුනන පිරිසක් ටී 56 වර්ගයේ ගිණිඅවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කරයි.
වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.
වෙඩි ප්‍රහාරයට ලක්වු අනෙක් පුද්ගලයා මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.