Home » ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය මිය යයි

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය මිය යයි

by yasara
January 4, 2025 10:51 am 0 comment

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇග්නස් කෙලෙටි හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේදී පසුගිය 02 වනදා මිය ගොස් ඇති අතර
මිය යන විට 103වන වියේ පසුවිය.

1952 වසරේදී පළමු ඔලිම්පික් රන් පදක්කම දිනාගත් මෙම හංගේරියානු ජිම්නාස්ටික් ශූරිය රන් පදක්කම් 5ක්ද ඇතුළුව දිනා සිටි සමස්ත ඔලිම්පික් පදක්කම් ගණන 10ක් බවයි වාර්තා වෙයි.

කෙ‍ලෙටි 1940දී පළමු හංගේරියානු ශූරතාව දිනාගත් පසු ඇයගේ යුදෙව් සම්භවය නිසා ඇයට සියලුම ක්‍රීඩා කටයුතු කලක් තහනම් වී තිබෙයි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT