Home » අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් කාබනික සීනි නිෂ්පාදනයට අවධානය

අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් කාබනික සීනි නිෂ්පාදනයට අවධානය

by yasara
January 4, 2025 11:42 am 0 comment

ලංකා සිනී සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සිනී කම්හල් නිරීක්ෂණය චාරිකාවකට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ එක් විය.

මෙම කම්හල් දෙකේ මේ වන විටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් eco tourism ප්‍රවර්ධනය කිරීමටත්, දැනට ලංකාව තුල ඇති නීතිවිරෝධී මත්පැන් භාවිතයට විසදුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් අඩු මිල ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමටත්, කාබනික පොහොර නිෂ්පාදනයට හා අපනයන වෙළඳපොළ ඉලක්ක කොට කාබනික සීනි නිෂ්පාදනයට මෙහිදී අවධානයට ලක් කෙරුණි.

තවද සීනි නිෂ්පාදනය බෙදහැරීම සදහා බෙදාහැරීම් ජාලයක් ඇති කිරීමටත්, සේවකයන්ගේ ඵලදායීතාව වැඩි කරනු වස් කාර්‍ය දර්ශක සකස් කිරීමටත්, මෙහි බොහෝ කාලයක් ගැටලුවක්ව තිබූ සේවකයගේ රක්ෂණ ගැටලුව කඩිනමින් විසදීමටත්, ගොවීන්ට ජලය ලබාගැනීමේදි සිදුවන අපහසුතා මගහැරීම වෙනුවෙන් ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය හා එකව කඩිනම් පියවර ගැනීමට ලංකා සීනි සමාගමේ සේවකයින්, වෘත්තීය සමිති නියෝජිතයන් හා ගොවි සංගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා කෙරණි.

මෙම අවස්ථාවට සමගින් වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතා, ලංකා සීනි සමාගමේ සභාපති රුක්ෂාන් ගුණතිලක මහතාද එක් වූවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT