Saturday, May 3, 2025
Home » අනියත බියක් ඇති කර ගන්න එපා – වෛරස උණ ගැන චීන රජයෙන් දැනුම්දීමක්

අනියත බියක් ඇති කර ගන්න එපා – වෛරස උණ ගැන චීන රජයෙන් දැනුම්දීමක්

by chanaka
January 4, 2025 11:49 am 0 comment

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, ශීත දේශගුණික තත්ත්වයත් සමඟ මෙවැනි වෛරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවයි.

මේ අතර රටවල් රැසක් සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් චීන රජය ප්‍රකාශ කර ඇත්තේ සිය රටට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබදව සහතිකයක් දීමට හැකි අතර චීනයේ සංචාරය කිරීමේ අවදානමක් නොමැති බවයි.

චීනයේ පැතිර යමින් පවතින්නේ Human Metapneumovirus – HMPV – නමැති වයිරසයයි. මෙය ස්වසන අපහසුතා ඇති කරන උණ හෙම්බිරිස්සාවකි.

‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු චීනයේ වයිරසයක් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් මේවනවිට මුළු ලොවට දැඩි අවදානයෙන් පසුවන බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT